ආපදා අවම කිරීම පිළිබඳව ප්‍රාදේශීය ළමා සභාව දැනුවත් කිරීම වැඩසටහන
----------------••••••••••••••••--------------------
දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් දැරණියගල ප්‍රාදේශීය ළමා සභාවේ දරුවන් සඳහා ආපදා අවමකරණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සංවිධානය වූ වැඩසටහනක් 2023.12.28 දිනය පුරා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී හා බෝපේකන්ද ජළාශය ආශ්රිතව ක්‍රියාත්මක විය.
මෙම වැඩසටහනේ සම්පත් දායකත්වය කෑගල්ල දිස්ත්‍රික් ආපදා සම්බන්ධීකරණ නිලධාරී විසින් සිදුකළ අතර න්‍යායාත්මක දැනුම හා බැහැරගත ක්‍රියාකාරකම් හරහා දරුවන් දැනුවත් කිරීම මෙහිදී සිදුවිය.
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී හා ආපදා සහන සේවා නිලධාරී විසින් සංවිධානය කළ මෙම වැඩසටහනට සමාජ සේවා අංශයේ නිලධාරීන් සම්බන්ධ විය. මේ සඳහා සම්බන්ධවූ හා සහයෝගය ලබා දුන් සියලු දෙනාට අපගේ කෘතඥතාවය පළකරමි.