ජංගම සේවය-මාලිබොඩ වසම
-------•••••••••---------
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අනුග්‍රහකත්වයෙන් ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මග පෙන්වීම අනුව, ප්‍රාදේශීය ලේකම්,සහකාර ප්‍රාදේශීය ලේකම්, පරිපාලන ග්‍රාම නිලධාරී සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ බාහිර සේවා සහකාර එස්.සී.තොටවත්තගේ පියතුමන්ගේ සහභාගිත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරණය ප්‍රධාන අරමුණ කර ගනිමින් ප්‍රජා සත්කාරක සේවා රැසක් සපයනු වස් ජංගම සේවයක් 2023.12.12 වන දින පෙ.ව 9.00 සිට ප.ව.3.00 දක්වා මාලිබොඩ වසම කේන්ද්‍ර කරගනිමින් මාලිබොඩ වතු රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහිදී,
* මත්ද්‍රව්‍ය නිවාරණය හා උපදේශන වැඩසටහන්
* උප්පැන්න /විවාහ/මරණ සහතික නිකුත් කිරීම
* ජාතික හැදුනුම්පත් සකස් කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කරදීම
* වැඩිහිටි හැදුනුම්පත් සකස් කිරීම
* අක්ෂි සායනයක්
* වෘත්තීය මාර්ගෝපදේශනය හා නිපුණතා සංවර්ධන කටයුතු
* ආහාර සැකසුම් වැඩසටහනක්
* ඉඩම් සම්බන්ධ කටයුතු
* විදේශ රැකියා
* ඇගලුම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා
ආදී ප්‍රජා සේවාවන් රැසක් ක්‍රියාත්මක කෙරුණි.
මත්ද්‍රව්‍ය උපදේශන සේවා හා නිවාරණය වැඩසටහන් වෙනුවෙන් සම්පත් දායකත්වය ලබා දුන්, මෙම ජංගම සේවයේ සියලු සම්බන්ධීකරණ කටයුතු සිදුකර දුන් කෑගලු දිස්තික් බාහිර සේවා සහකාර (ප්‍රතිකාර හා පුනරුත්ථාපන) එස්.සී.තොටවත්තගේ පියතුමන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙමු.
එමෙන්ම මෙම වැඩසටහන සමගාමීව දේවානන්ද විද්‍යාලයේ දරුවන් උදෙසා උපදේශන වැඩසටහනක් ක්‍රියාත්මක කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරීතුමියටත්,
එසේම ආහාර සුරක්ෂිතතා වැඩසටහන වෙනුවෙන් ආහාර සැකසීමේ ප්‍රායෝගික පුහුණු වැඩසටහන පැවැත්වූ වනිතා සංවර්ධන නිලධාරීතුමියටත් කෘතඥතාව පුදකරමු.
එසේම මෙම වැඩසටහනට සම්බන්ධ වූ පොලිසිය, තැපැල් කාර්යාලය, මැලිබන් ඇගලුම් ආයතනය, ඇතුලු ආයතන වල නිලධාරීන්ටත්, මාලිබොඩ, පොද්දෙනිකන්ද, මාගල යන වසම් වල ආර්ථික සංවර්ධන නිලධාරීන්ටත්, ග්‍රාම නිලධාරීන්ටත්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ටත්, කෘපනිස නිලධාරීන්ටත්, මෙම අවස්ථාවට සම්බන්ධ වූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ටත්, මාලිබොඩ වතු රෝහලේ වෛද්‍යතුමිය ඇතුළු කාර්ය මණ්ඩයටත්, නන් අයුරින් සහය දැක්වූ සැමටත් හදපිරි තුති පිරිනමමු.



0 Comments