දිරිය ප්‍රතිභා 2023
----••••••-----
දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන්, සබරගමු පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන්, ජාත්යන්තර විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ දින සැමරුම් වැඩසටහනට සමගාමී ප්‍රාදේශීය සැමරුම් උත්සවය "දිරිය ප්‍රතිභා- 2023" පසුගියදා දැරණියගල බහු කාර්ය ගොඩනැගිල්ලේ දී පැවැත්විණි.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ නර්තනාංගවලින් හා ගායනයන්ගෙන් මෙම වැඩසටහන අලංකාරවත් විය. 2023 දිරිය ප්‍රතිභා සිත්තම් තරගයේ ප්‍රාදේශීය මට්ටමේ ජයග්‍රහකයින්ට ත්‍යාග හා සහතික පත් පිරිනැමීමද මෙහිදී සිදුවිය. මීට අමතරව විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙන විශේෂ අධ්‍යාපන ඒකකවල ගුරු මව්වරුන් ඇගයීමද මෙහිදී සිදුවිය.
මේ සදහා ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමන් ප්‍රමුඛ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ද සම්බන්ධ විය. සබරගමු පළාත් පරිවාස දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජේෂ්ඨ සමාජ සේවා නිලධාරී එස්.ඒ.ජයන්ත මහතා මේ වැඩසටහන සදහා සම්බන්ධ විය.
ග්‍රාම නිලධාරී බුද්ධි ගුණසේන, සමාජ සේවා අංශයේ නිලධාරීන්, ගිණුම් අංශයේ නිලධාරීන් හා නවක සංවර්ධන නිලධාරීන් මේ වැඩසටහන සදහා දැක්වූ අනුග්‍රහය සුවිශේෂී විය. දිරිය ප්‍රතිභා-2023 සාර්ථක කර ගැනීමට සහය වූ සැමට අපගේ කෘතවේදීත්වය පල කරමු.





0 Comments