Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

විසිතුරු මත්ස්‍ය වගා ප්‍රචලිත කිරීම වැඩසටහන




විසිතුරු මත්ස්‍ය වගා ප්‍රචලිත කිරීම වැඩසටහන
--------------••••••••-----------------
කෑගල්ල දිස්ත්‍රික් ජලජිවී වගා කාර්යාලය හා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ කෑගල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් වල විසිතුරු මත්ස්‍ය වගා සංසද පිහිටුවීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.11.03 වන දින පෙ.ව. 9.30 ට දැරණියගල මුහන්දිරම් විද්‍යාලයේ දී පැවැත්විණි.
දරුවන් 200 කගේ පමණ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා, අනුග්‍රහක දායකත්වය කෑගල්ල සිල්ව(ර්) ස්ටා(ර්) සිංහ සමාජය විසින් ලබා දුන් අතර, පූර්ණ සම්පත්දායකත්වය ලබා දෙන ලද්දේ කෑගල්ල දිස්ත්‍රික් ජල ජීවී වගා ව්‍යාප්ති නිලධාරී ජගත් චන්දන මහතා විසිනි.
එමෙන්ම මෙම වැඩසටහන සඳහා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජලජීවී වගා සංවර්ධන නිලධාරී, පරිසර නිලධාරී, ඵලදායිතා සංවර්ධන නිලධාරී සහ අපනයන සංවර්ධන නිලධාරී ඇතුළු නිලධාරීන් රැසක්ද සහභාගි විය.
මෙම වැඩසටහන සාර්ථක කරගැනීම වෙනුවෙන් සහය දුන්, දැරණියගල මුහන්දිරම් විද්‍යාලයේ විදුහල්පතිතුමාට, නියෝජ්‍ය විදුහල්පතිතුමියට, ආචාර්ය මණ්ඩලයට සහ දූ දරුවන්ට කෘතවේදීත්වය ප්රකාශ අතර, නන අයුරින් සහය දුන් සැමටත් ස්තුතිවන්ත වෙමු.


 

Post a Comment

0 Comments