විසිතුරු මත්ස්‍ය වගාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
———————•••••••••————————-
කෑගල්ල දිස්ත්‍රික් ජලජිවී වගා කාර්යාලය හා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානයෙන්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අනුග්‍රහකත්වයෙන් මෙම කොට්ඨාසයේ විසිතුරු මත්ස්‍ය වගාකරුවන් සහ ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.11.03 වන දින ප.ව. 1.30 ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා පූර්ණ සම්පත්දායකත්වය ලබා දෙන ලද්දේ කෑගල්ල දිස්ත්‍රික් ජල ජීවී වගා ව්‍යාප්ති නිලධාරී ජගත් චන්දන මහතා විසින් වන අතර ඒ පිළිබඳ විශේෂ ස්තුතිය පුද කරමු.
එමෙන්ම මෙම වැඩසටහන සාර්ථක කරගනු වස් නන් අයුරින් සහය දැක්වූ සැමත් කෘතවේදීව සිහිපත් කරමු.


0 Comments