රුක් රෝපණ වැඩසටහනක්
——————————-
දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් කෑගල්ල දිස්ත්‍රික් ජලජිවී වගා කාර්යාලය හා සිල්ව ස්ටාර් සිංහ සමාජය එක්ව සිදු කරන ලද රුක් රෝපණ වැඩසටහනක් 2023.11.03 වන දින මුහන්දිරම් විද්‍යාලයේ දී පැවැත්විණි.
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් පැවති මෙම වැඩසටහන සඳහා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජලජීවී වගා සංවර්ධන නිලධාරී, පරිසර නිලධාරී, ඵලදායිතා සංවර්ධන නිලධාරී, ඇතුළු නිලධාරීන් රැසක්ද සහභාගි වූහ.
එමෙන්ම මෙම වැඩසටහන සාර්ථක කරගනු වස් නන් අයුරින් සහය දැක්වූ සැමත් කෘතවේදීව සිහිපත් කරමු.
මෙම වැඩසටහන සාර්ථක කරගැනීම වෙනුවෙන් සහය දුන්, දැරණියගල මුහන්දිරම් විද්‍යාලයේ විදුහල්පතිතුමාට, නියෝජ්‍ය විදුහල්පතිතුමියට, ආචාර්ය මණ්ඩලයට සහ දූ දරුවන්ට කෘතවේදීත්වය ප්‍රකාශ අතර, නන අයුරින් සහය දුන් සැමටත් ස්තුතිවන්ත වෙමු.