ආදායම් උත්පාදන වැඩසටහනක් - යටිවල ග්‍රාම නිලධාරී වසම
-----------------•••••••••••---------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මඟපෙන්වීම මත මෙම කොට්ඨාසය පුරා ආදායම් උත්පාදනය කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ. එහි තවත් එක් වැඩසටහනක් පසුගියදා යටිවල ග්‍රාම නිලධාරී වසමේ සුදර්ශී පෙර පාසලලේදී පැවැත්විණි.
එහිදී අත් කඩදාසි නිෂ්පාදනය, ගෘහ කළමනාකරණය හා ජල ජීවී පාලනය ආදිය සම්බන්ධයෙන් සමෘද්ධි ප්‍රජාමූල සමිතියේ සාමාජිකයින් හා පෙර පාසලේ දෙමාපියන් දැනුවත් කෙරුණි.
මෙම වැඩසටහන වෙනුවෙන් සම්පත් දායකත්වය ලබාදුන් විද්‍යා හා තාක්ෂණ නිලධාරීතුමියටත්, ඵලදායතා සංවර්ධන නිලධාරීතුමියටත්, ජලජීවී පාලනය පිළිබඳ සංවර්ධන නිලධාරීතුමියටත් විශේෂ ස්තුතිය පුද කරන අතර, වසම් භාර සමෘද්ධි සංවර්ධන නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශයේ නිලධාරීන්ටත් සහය දුන් සැමටත් හදපිරි තුති පිරිනමමු.


0 Comments