ගංවතුර පාලනය සදහා ශ්‍රමදාන වැඩසටහනක්
------------••••••••••••--------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන්, ඌඩාපොළ ග්‍රාම නිලධාරී වසම හා දැරණියගල දකුණ ග්‍රාම නිලධාරී වසම හරහා ගලා බස්නා කුඹුරුගම ඔය පිටාර ගැලීමෙන් ඇතිවන ගංවතුර තත්ත්වය පාලනය කිරීමේ තාවකාලික හා කඩිනම් පියවරක් වශයෙන් ශ්‍රමදානයක් පසුගියදා පැවැත්විණි.
එහිදී ජලය බැසයාම අවහිර කරමින් ඔය හරහා වැටී තිබුණු විශාල ගසක් කපා ඉවත් කිරීමක්ද සිදු කෙරුණි.
එලෙසින්ම මෙම කාර්යය වෙනුවෙන් දායකත්වය ලබාදුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ටත්, දැරණියගල දකුණ හා ඌඩාපොල ග්‍රාම නිලධාරීන් වසම් වල, ආර්ථික සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, කෘ.ප.නි.ස නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හා අනෙකුත් නිලධාරීන්ටත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයේ නිලධාරීන්ටත්, බහුකාර්ය සහායක නිලධාරීන්ටත්, ප්‍රදේශවාසීන්ටත් නන් අයුරින් සහය දුන් සැමටත් හදපිරි තුති පිරිනමමු.
එමෙන්ම කුඹුරුගම ප්‍රදේශයේ ගංවතුර පාලනය වෙනුවෙන් ඉදිරියේදී ස්ථිරසාර විසදුමක් ලබාදීමටත් අප අපේක්ෂා කරමු.




0 Comments