කාර්යාලයීය නිලධාරීන් උදෙසා වෛද්‍ය සායනයක්
-----------•••••••••••••--------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන්, හා මඟපෙන්වීමෙන් ක්‍රිඩා හා සුබසාධක සංගමයේ අනුග්‍රහකත්වයෙන් කාර්යාලයීය නිලධාරීන් උදෙසා වෛද්‍ය සායනයක් පසුගියදා කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
මෙම වෛද්‍ය සායනයේදී රුධිර පරික්ෂාවන්, BMI පරික්ෂාවන් ආදී පරික්ෂාවන් සඳහා නිලධාරින්ට අවස්ථාව සලසා දී තිබූ අතර, දන්ත සායනයක්, අක්ෂි සායනයක් හා සුවනාරි සායනයක්ද ඊට සමගාමීව පැවැත්විණි.
එමෙන්ම මෙම වැඩසටහන සංවිධානය කිරීමෙන් සහය දුන් බෞද්ධ කටයුතු අංශයේ සියලුම නිලධාරීන්ටත්, නන් ලෙසින් සහය දැක්වූ සියලුම දෙනාටත් හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමු.





0 Comments