මත්ද්‍රව්‍ය නිවාරණය වැඩසටහනක්
————•••••••••—————-
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන්, සමෘද්ධි අංශයේ සංවිධානයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් 02 ක් 2023.11.20 වන දින මාලිබොඩ වසම කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.
ඒ අනුව එහි එක් වැඩසටහනක් පෙ.ව. 10.00 ට ප්‍රජාව ඉලක්ක කරගනිමින් මාලිබොඩ මෙහෙණි ආරාමයේදී පැවැත්වූ අතර, තවත් වැඩසටහනක් ප.ව. 1.00 ට මාලිබොඩ දෙමළ විද්‍යාලයේ දරුවන් ඉලක්ක කරගනිමින් විද්‍යාලයේදී පැවැත්විණි.
සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන වෙනුවෙන් සම්පත්දායකත්වය ලබා දෙන ලද්දේ මත්ද්‍රව්‍ය නිවාරණ කෑගලු දිස්ත්‍රික් බාහිර සේවා සහකාර (ප්‍රතිකාර හා පුනරුත්ථාපන) එස්.සී. තොටවත්තගේ පියතුමන් විසින් වන අතර ඒ වෙනුවෙන් විශේෂ ස්තුතිය පුද කරමු.
එමෙන්ම මේ සඳහා සහභාගි වූ, වසම් භාර සමෘද්ධි සංවර්ධන නිලධාරීතුමාටත්, සමෘද්ධි අංශයේ නිලධාරීන්ටත්, සමෘද්ධි සමාජ සංවර්ධන නිලධාරීතුමියටත්, මත්ද්‍රව්‍ය විෂයය භාර සංවර්ධන නිලධාරීතුමියටත්, බහුකාර්ය සහායක තුෂාර මහත්මාටත්, නන් අයුරින් සහය දුන් සැමටත් ස්තුතිවන්ත වෙමු.