සුහද බැඩ්මින්ටන් තරඟාවලියක්
--------••••••------------
දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දැරණියගල දිස්ත්‍රික් රෝහල අතර සංවිධානය කරන ලද සුහද බැඩ්මින්ටන් තරඟාවලියක් පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බැඩ්මින්ටන් ක්‍රිඩාංගණයේදී පැවැත්විණි.
මෙහිදී කාන්තා කේවල, පිරිමි කේවල, කාන්තා යුගල, පිරිමි යුගල, මිශ්‍ර යුගල ලෙස කාණ්ඩ පහක් යටතේ තරග ක්‍රියාත්මක විය. මෙහිදී ඉතා විශිෂ්ට ලෙස කණ්ඩායම් දෙකේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟ කරන ලදී.
මෙහිදී තියුණු තරඟ කිහිපයකින් අනතුරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කණ්ඩායම විසින් සමස්ථ ශූරතාවය දිනා ගන්නා ලදී. මෙහිදී රාජ්‍ය නිලධාරීන් අතර සුහදතාවය වර්ධනය කිරීම හා ඔවුන්ගේ ක්‍රීඩා කෞෂ්‍ය ඔප් නැංවීම ප්‍රධාන අපේක්ෂාව විය. මේ තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදුන් දැරණියගල රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීතුමන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයට අපගේ කෘතවේදීත්වය පිරිනමමු.




0 Comments