Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන



මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක්
---------•••••••••------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟපෙන්වීමෙන් රස්නක්කන්ද වසමේ
ආර්ථික සංවර්ධන නිලධාරී විසින් ළමා හා කාන්තා ඒකකයේ නිලධාරීන් සම්බන්ධ කොට ගෙන රස්නක්කන්ද සමනල පෙරපාසලේ දරුවන්ගේ දෙමාපියන් සහ වසමේ මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා සංවිධානය කරන ලදී.
මෙහිදී දරුවාගේ යහපත් මුල් ළමාවිය සංවර්ධනය,ළමා ආරක්ෂාව හා රැකවරණය, ගෘහ කලමනාකරණය තුලින් යහපත් පවුල් පරිසරයක් ගොඩ නගා ගැනීම, දරුවාගේ විශේෂ අවශ්‍යතා හදුනාගැනීම හා ප්‍රතිකාර වෙත යොමු වීමේ වැදගත්කම යන මාතෘකා යටතේදැනුවත් කිරීම් හා සාකච්ඡාවන් ක්‍රියාත්මක විය.
මේ සඳහා සම්පත් දායකත්වය කාන්තා හා ළමා ඒකකයේ නිලධාරිනියන් විසින් ලබාදුන් අතර මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට දායකත්වය දුන් සියලු දෙනාටම අපගේ කෘතවේදිත්වය පුද කරමු.


 

Post a Comment

0 Comments