ඵලදායිතාවය සහ තත්ත්ව කළමනාකරණය පිළිබඳ පාසල් සහතික පත්‍ර පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රධානය හා රුක් රෝපන වැඩසටහන
----------------••••••••••-----------------------
කොස්ගහකන්ද මහා විද්‍යාලයේ පැවැත්වූ "ඵලදායිතාවය සහ තත්ත්ව කළමනාකරණය පිළිබඳ පාසල් සහතික පත්‍ර පාඨමාලාවේ" මොඩියුල අට අවසානයේ පවත්වන විභාගය සාර්ථකව අවසන් කල දරුවන් සදහා සහතික පත්‍ර ලබා දීම ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් 2023.11.10 දින පාසල් පරිශ්‍රයේදී සිදුකරන ලදී.
එදිනම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් කොගහකන්ද විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය එක්ව රුක් රෝපන වැඩසටහනක් ද පවත්වන ලදී.
මෙම වැඩසටහන් සාර්ථකව අවසන් කිරිම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සම්බන්ධීකරණ කටයුතු සිදුකල කොස්ගහකන්ද විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් සහභාගි වූ නිලධාරීන් හා ග්‍රාම නිලධාරීතුමිය, ආර්ථික සංවර්ධන නිලධාරීතුමිය, සංවර්ධන නිලධාරීතුමිය ඇතුළු වසමේ නිලධාරීන් කෘත්වේදීව සිහිපත් කරන්නෙමු.