කාන්තා සමිති ප්‍රතිසංවිධානය කිරීම හා ආහාර සුරක්ෂිතතා වැඩසටහන්
————————-••••••••••••••——————————-
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟපෙන්වීමෙන් මෙම කොට්ඨාසයේ කාන්තාවන්ගේ අභිවෘද්ධිය උදෙසා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.
එහි එක් පියවරක් වශයෙන් කොස්ගහකන්ද ග්‍රාම නිලධාරී වසමේ කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම හා ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ උදු වළලු සැකසීම පිළිබඳව ප්‍රායෝගිකව පුහුණුවක් හා ආහාර කල්තබා ගැනීම පිලිබඳව දැනුවත් කිරීමක් පසුගියදා වනිතා සංවර්ධන නිලධාරීතුමියගේ සම්පත්දායකත්වයෙන්, වසමේ සියලු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කොස්ගහකන්ද වසමේදී පැවැත්විණි.
ඒ වෙනුවෙන් නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාටම හදපිරි තුති පිරිනමමු.