ප්‍රාදේශීය සාහිත්ය උත්සවය 2023
---------••••••-------------
දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත්, දැරණියගල ප්‍රාදේශීය සභාවත් ඒකාබද්ධව සංවිධානය කරන ලද #පන්හිදක_සේයා සාහිත්‍ය සැමරුම් උළෙල-2023 වැඩසටහන 2023.11.30 වෙනි දින බහුකාර්ය ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.
මේ සදහා ප්‍රවීණ දේශක, ප්‍රවීණ ගත් කතුවර මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා සම්බන්ධ වූ අතර දැරණියගල ප්‍රාදේශයේ පාසල් වල දුවා දරුවන්ට එතුමන්ගේ සාහිත්යය දේශනයට සවන්දීමේ අවස්ථාව හිමි විය. තවදුරටත් ප්‍රාදේශයේ කලායතන වල ශිල්පීන්ගේ නර්තනාංග වලින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශිල්පීන්ගේ ගායනයන්ගෙන් මෙම වැඩසටහන අලංකාරවත් වූ අතර ප්‍රාදේශීය සාහිත්ය තරග තරගවලින් ජයග්‍රහණය කරනු ලැබූ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍ර්‍යාග හා සහතික පත්‍ර පිරිනැමීමද මෙහිදී සිදු විය.
මෙහි මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහය දුන් දැරණියගල ප්‍රාදේශීය සභාව, ලංකා බැංකුව දැරණියගල ශාඛාව, මහජන බැංකුව දැරණියගල ශාඛාව, පොලොන්නරුව ස්ටෝර්ස් අධිපතිතුමා, වසන්ත කුමරගුරු මහතා, ප්‍රියන්ත පද්මකුමාර මහතා, ප්‍රදේශයේ පාසල් වල විදුහල්පතිවරුන් හා ආචාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාටම අපගේ කෘතවේදීත්වය පිරි නමමු.






0 Comments