මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන
------•••••••••••••••-------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් ලෝක ළමා දිනයට සමගාමීව මුල් ළමාවිය සංවර්ධනය හා යහපත් දෙමාපියභාවය තේමා කරගත් දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී මුල් ළමාවිය තුළ දරුවාගේ පෞරුෂය ගොඩ නැංවීම හා සමස්ත සංවර්ධනය උදෙසා දෙමාපිය කාර්යභාරය හා ඒ තුළ සමස්ථය සංවර්ධනය වන දරුවෙකු බිහි කර ගැනීමට දෙමව්පියන්ට සහාය විය හැකි ආකාරය පිළිබඳව දැනුවත් කිරීම් කරන ලදී.
මෙම වැඩසටහනට ආශිර්වාද නිහාරා, සුවඳ කැකුළු හා ප්‍රාදේශීය සභා පෙර පාසල් වල දරුවන්ගේ දෙමව්පියන් සහභාගි විය. මෙම වැඩසටහන සඳහා සහයෝගය ලබාදුන් ස.තො.ස කළමනාකාරතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට,පෙර පාසල් ගුරුවරියන්ට හා දෙමාපියන්ට අපගේ කෘතවේදීත්වය පළ කරමු