"දෙටුපුර හරසර"- ප්‍රාදේශීය වැඩිහිටි දින සැමරුම
---------------•••••••------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි, ජාත්‍යන්තර වැඩිහිටි දිනය සැමරීම වස් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දැරණියගල ප්‍රාදේශීය සභාව ඒකාබද්ධව සංවිධානය කළ *දෙටුපුර හරසර - 2023* ප්‍රාදේශීය වැඩිහිටි සැමරුම් උත්සවය 2023.10.10 දින දවස පුරා කෑගල්ල දිස්ත්‍රික් ලේකම්තුමාගේ සහභාගීත්වයෙන් හා සබරගමු පළාත් පරිවාස ළමාරක්ෂක හා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂතුමියගේ සහභාගීත්වයෙන්, දැරණියගල බහුකාර්ය ගොඩනැගිලි පරිශ්‍රයේදී පැවැත්විණි.
සබරගමු පළාත් පරිවාස,ළමා රක්ෂක හා සමාජ සේවා දෙපාර්තමේන්තුව, දැරණියගල වෙළෙඳ වෙළඳ ව්‍යපාරිකයින්, ලංකා බැංකුව හා සම්පත් බැංකුව මේ සඳහා අනුග්‍රහය දැක්වීය.
වැඩිහිටියන්ගේ හා කාර්යාලයීය නර්තනාංග වලින් ගායනයන්ගෙන් හැඩ වූ මෙම වැඩසටහනේදී අංශ හයක් ඔස්සේ පැවැත්වූ තරඟ වලින් ජයග්‍රහණය කළ වැඩිහිටියන් සඳහා සම්මාන ප්‍රදානය සිදුකරන ලදී. මෙම වැඩසටහනේ
සංවිධානය හා සම්බන්ධීකරණය සමාජ සේවා අංශය මගින් සිදු කරන ලදී.
මේ සඳහා සහයෝගය ලබා දුන් සියලුම දෙනාට ගෞරවනීය කෘතවේදීත්වය පළ කරමු.