විශ්ව ළමා දින සැමරුම
------•••••---------
විශ්ව ළමා දිනයට සමගාමීව #සියල්ලට_වඩා_දරුවන්_වටී තේමා කරගත් ජාත්‍යන්තර ළමා දින ප්‍රාදේශීය සැමරුම්
උත්සවය ප්රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන්, කාන්තා හා ළමා ඒකකයේ සංවිධානයෙන්, දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී 2023.10.30 දින පැවැත්විණි.
මේ සදහා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් වල පිහිටුවා ඇති ළමා සමාජ වලට සම්බන්ධ දුවා දරුවන් හා ඔවුන්ගේ දෙමව්පියන් සහභාගි විය.
මෙහිදී දරුවන්ගේ කලා කුසලතා එළි දැක්වුණු අතර නර්තනයන් හා ගායනයන්ගෙන් මෙන්ම නාට්‍ය වලින් මෙම වැඩසටහන අලංකාරවත් විය. දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය විසින් දරුවන්ගේ රසාස්වාදය උදෙසා නාට්‍යයක් ද මෙහිදී ඉදිරිපත් කරන ලදී.
වැඩසටහන අවසානයේ දරුවන්ට ත්‍යාග හා සහතිකපත් පිරිනැමුණු අතර උපදේශන නිලධාරීතුමියගේ මූලිකත්වයෙන්
දරුවන් වෙනුවෙන් නර්තන චිකිත්සාවක්ද මෙහිදී ක්‍රියාත්මක විය.