Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

ළමුන් සදහා ආතති කළමනාකරණ වැඩසටහනක්






ළමුන් සදහා ආතති කළමනාකරණ වැඩසටහනක්
-------------•••••••••••••--------------
දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ විශේෂ අදහසකට අනුව ඔක්තෝම්බර් මස 10 වැනි දිනට යෙදී තිබූ ලෝක මානසික සෞඛ්‍ය උපදේශන දිනයට සමගාමීව 5 වසර ශිෂ්යත්ව විභාගය ලියූ දරුවන් වෙනුවෙන්
•Painting (චිත්ර ඇදීම )
•Imagination (මනෝ රූපකරණය)
•Rhythmic movement exercises (රිද්මයානුකූල චලන අභ්‍යාස)
අන්තර්ගත චිකිත්සන උපදේශන වැඩසටහනක් පසුගියදා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.
මේ සඳහා ඉලක්ක ගත කණ්ඩායම ලෙස දැරණියගල මුහන්දිරම් විද්‍යාලයේ මෙවර ශිෂ්යත්ව විභාගය සඳහා පෙනී සිටි දරුවන් 180 ක් සම්බන්ධ කර ගන්නා ලදී. මෙහිදී දරුවන් විසින් අදින ලද චිත්‍ර මගින් ඔවුන්ගේ මනෝ සමාජයීය අවශ්‍යතා පිළිබඳව අධ්‍යනය කිරීමට, හඳුනා ගැනීමට හා ඊට අදාළ පසු විපරම් කිරීමට කාන්තා හා ළමා ඒකකයේ නිලධාරිනියන් ක්‍රියා කරන ලදී.
මෙම වැඩසටහන සඳහා දායකත්වය ලබාදුන් මුහන්දිරම් විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත්,දුවා දරුවන්ටත් අපගේ කෘතවේදීත්වය පළ කරමු.


 

Post a Comment

0 Comments