ලෝක ළමා සැමරුම් උත්සවයක්-බල්ලැහැල වසම
-----------------••••••------------------
ප්‍රාදෙශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන් මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් "සියල්ලටම වඩා දරුවන් වටී" යන තේමාව පෙරදැරිව දැරණියගල කොට්ඨාසය පුරා දරුවන් උදෙසා විවිධ වැඩසටහන් රාශියක් සංවිධානය කොට තිබුණි.
එහි එක් වැඩසටහනක් 2023.10.03 වන දින බල්ලැහැල වසමේ රාජ්‍ය නිලධාරීන්ගේ එකමුතුවෙන් බල්ලැහැල වසමේදී පැවැත්විණි.
මෙහිදී පහලගම ග්‍රාම සංවර්ධන සමිතියේ අනුග්‍රහයෙන් දරුවන්ට පොත් බෙදාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක විය. එම සද්කාර්යට දායක වීම වෙනුවෙන් එකී සමිතිය වෙත හදපිරි තුති පිරිනමන අතර, නන් අයුරින් සහය දුන් සැමටද කෘතඥ වෙමු.