විදේශ රැකියා ප්‍රවර්ධන වැඩසටහන
======•••••••••========
විදේශ රැකියා සදහා බලගැන්වීමේ වැඩසහනක් 2023/10/30 දින දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීම යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්විණි.
මෙහිදී විදේශ රැකියා සදහා යොමුවීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන් සදහා වැඩි අවස්ථාවක් ඇති විදේශ රැකියා කේෂත්‍ර හා පුහුණු අවස්ථා හදුන්වා දීමත් විදේශ රැකියා අපේක්ෂිතයන්ට විදේශ රැකියා සදහා ලියාපදිංචි වන ආකාරය හා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සේවා සම්බන්ධයෙන් දැනුවත් කීරීම පුහුණු සහතිකයක් නොමැති හැකියාව ඇති අය සදහා NVQ සහතිකය ලභාගැනීම සදහා යොමුකරන ලද අතර මෙම වැඩසටහනට මුල්‍ය අනුග්‍රහය මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව මගින් ලබාදී තිබූ අතර වැඩසටහන සංවිධානය හා ක්‍රියාත්මක කිරීම මානව සම්පත් සංවර්ධන ඒකකය මගින් සිදුකළ අතර වීශේෂ සම්පත්දායකත්වය වෘත්තීය පුහුණු අධිකාරියේ කමල් මහතා විසින් ලබාදෙන ලදී.