ලෝක ළමා සැමරුම් උත්සවයක්_කීරීහේන වසම
----------------•••••-----------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන්
මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් "සියල්ලටම වඩා දරුවන් වටී" යන තේමාව පෙරදැරිව දැරණියගල කොට්ඨාසය පුරා දරුවන් උදෙසා විවිධ වැඩසටහන් රාශියක් සංවිධානය කොට තිබුණි.
එහි එක් වැඩසටහනක් 2023.10.03 වන දින ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන්,පරිපාලන ග්‍රාමනිලධාරී තුමාගේ මූලිකත්වයෙන් සහ කීරීහේන හා නිල්වල යන ග්‍රාම නිලධාරී වසම් වල සියලු රාජ්‍ය නිලධාරීන්ගේ එකමුතුවෙන් හා වැඩිහිටි සමිතිය මගින් සංවිධානය කරන ලද ළමා හා වැඩිහිටි උත්සවය කීරීහේන පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.
මෙම වැඩසටහනට සමගාමීව කීරිහෙන වසමෙ නුවන්තරු ළමාසමාජය මගින් සංවිධානය කරන ලද පැලසිටුවීමෙ වැඩසටහනක් පරිපාලන ග්‍රාමනිලධාරී තුමාගෙ මූලිකත්වයෙන්, වසමෙ සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙ සහයොගයෙන් සහ සහබාගීත්වයෙන් වටවල ජලමූලාශ්‍රයක් ආශ්‍රිතව සිදුකරන ලදී.
මෙම වැඩසටහන සාර්ථක කරගනු වස් සහය දුන් සැමට හදපිරි තුති පිරිනමමු.



0 Comments