මානව සම්පත් සංවර්ධන වැඩසටහන-නායකත්වය හා පෞරුෂත්වය සංවර්ධන වැඩමුළුව, 3වැනි කණ්ඩායම
----------------••••••----------------------
දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය මානව සම්පත් සංවර්ධන සැලසුම 2023 ට අදාලව කාර්යාලයේ නිලධාරීන්ගේ නායකත්වය හා පෞරුෂත්ව සංවර්ධනය කිරීමේ වැඩසටහන් මාලාවේ 3වැනි කණ්ඩායම ලෙස, ග්‍රාම නිලධාරීන්, වසම්භාර සංවර්ධන නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් හා කළමනාකරණ සේවා නිලධාරීන් සදහා පැවැත්වූ පෞරුෂත්ව සංවර්ධන හා නායකත්ව පුහුණු වැඩසටහන 2023.10.27 වන දින ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී හා කාර්යාල ක්‍රිඩාංගණයේදී පැවැත්විණි.
මෙහිදී කණ්ඩායම් ක්‍රියාකාරකම්, මානසික සංවර්ධන වැඩසටහන්, මෘදු කුසලතා සම්බන්ධ දේශන ආදි විවිධ අංගයන්ට නිලධාරීන්හට සහභාගීවීමට අවස්ථාව උදාවිය.
මෙම පුහුණු වැඩසටහන සදහා සම්පත්දායකත්වය ලබාදුන් කාර්යාලයීය සමාජ සේවා නිලධාරී, මානව සම්පත් සංවර්ධන නිලධාරී, ව්‍යවසාය සංවර්ධන නිලධාරී, උපදේශන සහකාර, හා කළමනාකරණ සේවා නිලධාරී දක්ෂි මහතා ඇතුලු සංවිධාන සහයෝගය ලබාදුන් සියළුම නිලධාරීන්ව කෘතවේදීව සිහිපත් කරමු
මෙම වැඩසටහන රජයේ ප්රතිපාදන භාවිතයකින් තොරව පැවැත්වීම සුවිශේෂි විය



0 Comments