Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

ලෝක ළමා හා වැඩිහිටි සැමරුම් උත්සව -පොත්දෙණිකන්ද වසම



ලෝක ළමා හා වැඩිහිටි සැමරුම් උත්සව -පොත්දෙණිකන්ද වසම
————————•••••••——————————
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන්
මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් හා වැඩිහිටි දිනය පෙරදැරිව දැරණියගල කොට්ඨාසය පුරා දරුවන් උදෙසා විවිධ වැඩසටහන් රාශියක් සංවිධානය කොට තිබුණි.
එහි එක් වැඩසටහනක් පසුගියදා පොත්දෙනිකන්ද හම්බකොවුල සමෘද්ධි ප්‍රජාමූල සංවිධානයෙන්, සියලු රාජ්‍ය නිලධාරීන්ගේ එකමුතුවෙන් පොත්දෙණිකන්ද ළමා හා වැඩිහිටියන් වෙනුවෙන් ධර්ම දේශනයක් හා දානමය පින්කමක් පැවැත්විණි.
මෙහිදී දරුවන් හා වැඩිහිටියන් වෙනුවෙන් පොත්දෙණිකන්ද ධම්මින්ධාරාම විහාරස්ථානයේ ගරුතර ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්මාණුශාසනාවෙන් අනතුරුව දරුවන්ගේ විවිධ දක්ෂතා ඉදිරිපත් කරන ලදී.
මෙම වැඩසටහන සාර්ථක කරගනු වස් සහය දුන් සැමට හදපිරි තුති පිරිනමමු.


 

Post a Comment

0 Comments