ළමා හිංසන වැළැක්වීම වැඩසටහන
----------••••••-------------
කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් සංවිධානය කල ළමා හිංසන වැළැක්වීම හා හිංසනයෙන් දරුවන් මුදවා ගැනීම සඳහා යාත්මක කරනු ලබන ජාතික වැඩසටහන යටතේ ඔව්අපි කවදටත් වඩා ශක්තිමත් තේමා කර ගත්
නිහඬ නොවන්න දරුවන් රැක ගන්න පාඨය රැගත් උපකාරක සේවා අංක
*ළමා -1929
සහිත ස්ටිකර් ප්‍රාදේශීය මට්ටමින් ඇලවීමේ වැඩසටහන ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් 2023-10-11 වන දින දැරණියගල නගරය පුරා ක්‍රියාත්මක විය.
ප්‍රාාද්ශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිට ඇරඹි මෙම පා ගමනේදී බස් රථ, ත්‍රීරෝද රථ, රාජ්‍ය හා පෞද්ගලික බැංකු මෙන්ම වෙළඳ සැල් ආවරණය වන පරිදි දරුවන් රැක ගැනීම සම්බන්ධ ස්ටිකරය ඇලවීම සිදුකරන ලදී.
මේ සඳහා දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියට අමතරව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා සමාජ සේවා අංශයේ නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් සම්බන්ධ විය.
මේ සඳහා සහයෝගය ලබාදුන් සියළුම දෙනාට අපගේ කෘතවේදීත්වය පල කරමු.



0 Comments