දවසක් අපි දරුවන් වෙමු - මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන
-----------------•••••••------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් ළමා හා කාන්තා ඒකකය සංවිධානය කරන ලද,
#දවසක්_අපි_දරුවන්_වෙමු මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ක්‍රියාකාරකම් පාදක කරගත් මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් දොඩාවත්ත ප්‍රාථමික විදුහල් පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි.
දරුවාට සමස්ථ සංවර්ධනයෙන් යුත් මුල් ළමාවියක් අත් කරදීමට, දෙමාපියන් උනන්දු කරවීම හා දරුවාට සුන්දර ළමාවියක් ගත කිරීමට අවස්ථාවක් ලබා දීමේ අවශ්‍යතාවය දෙමව්පියන්ට අවබෝධ කර දීම, මෙම වැඩසටහනෙහි මූලික අරමුණු විය. මෙහිදී වැඩිහිටියන්ට තමන්ගෙ ළමා කාලයට මනසින් ගමන් කර එම කාලයේ අත්දැකීම් ප්‍රති නිර්මාණය කරගැනීමට හා තමන්ගේ දරුවන් සමග එම අත්දැකීම් බෙදා හදා ගැනීමට අවස්ථාව උදාවිය.
මෙම වැඩසටහන සඳහා සහයෝගය ලබාදුන් දොඩාවත්ත ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමා, නූරිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා, දොඩාවත්ත ග්‍රාම නිලධාරී, බස්නාගල ග්‍රාම නිලධාරී, වසම්වල ආර්ථික සංවර්ධන නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් යන සියලුදෙනාට, දෙහිඕවිට මුල් ළමාවිය සංවර්ධන නිලධාරී සහ පෙරපාසල් ගුරුවරියන්ට (දොඩාවත්ත, බස්නාගල, මහතැන්න, විලගම, පොල්ගස්වත්ත, නිල්වල) හා දෙමව්පියන්ට අපගේ කෘතවේදිත්වය පළ කරමු



0 Comments