මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් වූ දැනුවත් කිරීමේ වැඩසටහ
————————••••••————————-
දිලිඳුකම පිටුදැකීමේ සතියට සමගාමීව ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන්, මෙම කොට්ඨාසය පුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරුණි.
පුද්ගලයින් මත්ද්‍රව්‍ය භාවිතයට ගොදුරු වන ආකාරයත් එහි ඇති හානිකර තත්වයත්, එමගින් පවුල් සංස්ථාවට වන බලපෑම සහ ඉන් මිදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් පුළුල් ලෙස දැනුවත් කෙරුණු මෙම වැඩසටහනට සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ මත්ද්‍රව්‍ය නිවාරණ කෑගලු දිස්ත්‍රික් බාහිර සේවා සහකාර(ප්‍රතිකාර හා පුනරුත්ථාපන) එස්.සී.තොටවත්තගේ පියතුමා විසිනි. ඒ වෙනුවෙන් එතුමන්ට හදපිරි තුති ගෞරවයෙන් පුදකර සිටිමු.
එමෙන්ම මෙම අවස්ථාව සඳහා ප්‍රාදේශීය ලේකම් තුමිය, බැංකු සමිති කළමණාකාර තුමිය, මූලස්ථාන කළමණාකාර තුමිය, හිඟුරණ කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති තුමා, සමෘද්ධි සමාජ සංවර්ධන නිළධාරි හා වසම් භාර සමෘද්ධි සංවර්ධන නිළධාරි, ඇතුලු රාජ්‍ය නිළධාරින් ද රැසක් සහභාගි වූ අතර,
මෙම සද්කාර්ය වෙනුවෙන් නන් අයුරින් සහය දැක්වූ සියලුම දෙනාටත් හද පිරි තුති පිරිනමමු



0 Comments