දිලිඳුකම පිටුදැකීමේ සතිය - ජීවනෝපාය සංවර්ධන වැඩසටහන
----------------••••••••-------------------
දිලිඳුකම පිටුදැකීමේ සතියට සමගාමීව ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන්, මෙම කොට්ඨාසය පුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරුණි.
ඒ අනුව කිතුල් ආශ්‍රිත නිෂ්පාදන නඟා සිටුවීමේ අරමුණින් හා කිතුල් ආශ්‍රිත නිෂ්පාදන අතරමැදි පාර්ශවයන්ගෙන් තොරව වෙලදපලට නිකුත් කිරීම අරමුණු කරගනිමින්, මාලිබොඩ සමෘද්ධි කලාපයට අයත් මාලිබොඩ හා දික්ඇල්ලකන්ද යන ග්‍රාම නිලධාරී වසම් වල කිතුල් නිෂ්පාදකයින්ගේ සංගමයක් පිහිටුවීම පසුගියදා මාලිබොඩ වසමේදී සිදු කරන ලදී.
මේ සදහා මාලිබොඩ හා දික්ඇල්ලකන්ද ග්‍රාම නිලධාරී වසම් වල සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, ඇතුලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් රැසක්ද සහභාගි වූහ.
මෙම කාර්යය වෙනුවෙන් නන් අයුරින් උදව් උපකාර කළ සැමට හදපිරි තුති පිරිනමමු.


0 Comments