වැඩිහිටි චාරිකාව
-------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් වැඩිහිටියන් සදහා ක්‍රියාත්මක කරන වැඩසටහන් අතර තවත් එක් වැඩසටහනක් ලෙස දැරණියගල ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩලයේ වන්දනා චාරිකාව 2023.10.20,21,22 තෙදින තුළ යාපනය නගරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක විය.මේ සඳහා වැඩිහිටියන් 160 දෙනෙකු සම්බන්ධ විය.
මීට සම්බන්ධ වූ වැඩිහිටියන්ට අනුරාධපුර අටමස්ථානය, යාපනයේ නාග විහාරය, නල්ලූර් කෝවිල, දඹකොළපටුන විහාරය, කදුරුගොඩ විහාරය ආදී සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමේ අවස්ථාව හිමි විය.



0 Comments