ආහාර සුරක්ෂිතතා වැඩසටහන -කෘෂි තාක්ෂණ දැනුවත් කිරීම
-------------------•••••••••---------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟපෙන්වීමෙන් බැහැනැල්ල ග්‍රාම නිලධාරී වසමේ කහටපනාව ග්‍රාම සංවර්ධන සමිතියේ සංවිධානයෙන්, ග්‍රාම සංවර්ධන නිලධාරීතුමිය ඇතුළු වසමේ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්, කෘෂිකාර්මික ක්ෂෙත්‍රයට අදාළව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ බීජ පැකට් බෙදාදීමේ වැඩසටහනක් පසුගියදා බැහැනැල්ල වසම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.
මෙහිදී කෘෂිකර්ම උපදේශකතුමා විසින් ගෙවතු වගාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ අතර, වන සත්ත්ව හානිය වැළැක්වීමේ ක්‍රමෝපායන් සම්බන්ධයෙන් දැනුවත් කිරීම කෑගල්ල වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී තුමා විසින් සිදු කරන ලදී. එමෙන්ම බැහැනැල්ල වසමේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීතුමා විසින් සෞඛ්‍ය හා පෝෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්ද මෙහිදී සිදු කරන ලදී.
ඒ වෙනුවෙන් විශේෂ ස්තුතිය පිරිනමන අතර, මෙම කාර්යය සාර්ථක කරගනු වස් නන් අයුරින් සහය දැක්වූ සැමටත් කෘතඥතා පූර්වක තුති පිරිනමමි.


0 Comments