පෙර පාසල් දරුවන්ගේ හසුරු කුසලතා ඔප්නැංවීමේ වැඩසටහනක්
———————•••••••••————————
2023 ලෝක ළමා දිනයට සමගාමීව ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන් හා මඟපෙන්වීමෙන්, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී, මුල් ළමාවිය සංවර්ධන නිලධාරී ඇතුළු සමාජ සේවා අංශයේ නිලධාරීන්ගේ සංවිධානයෙන්, දැරණියගල G.P. ගාමන්ට්ස් ඇඟලුම් ආයතනය, දැරණියගල මහජන බැංකුව, හත්කෑල ස්ටෝර්ස්, පොලොන්නරුව සුපර් හා නූරී ස්ටෝර්ස් යන ආයතන වල අනුග්‍රහකත්වයෙන් පෙර පාසල් දරුවන්ගේ හසුරු කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණ මූලික කරගත් වැඩසටහනක් පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා දැරණියගල සංස්කෘතික මධ්‍යස්ථාන පෙර පාසල, ලිට්ල් ස්ටාර් ද්‍රවිඩ පෙර පාසල, සිඟිති හමුව පෙර පාසල, සහ ආශිර්වාද නිහාරා පෙර පාසල යන පෙර පාසල් වල දරුවන් 215 දෙනෙකු පමණ සහභාගි විය.
එමෙන්ම මෙම වැඩසටහන සඳහා පූර්ණ සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ දෙහිඕවිට කනංගම යොවුන් සේනාංකයේ නිලධාරී මහත්ම මහත්මීන් විසින් වන අතර, එකී සද්කාර්යට දායක වීම වෙනුවෙන් එම නිලධාරීන්ට අපගේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටිමු.
එසේම මෙම වැඩසටහන සාර්ථක කරගනු වස් සහය දුන් පෙර පාසල් ගුරුභවතුන්ටත්, දෙමාපියන්ටත්, කාර්යාලයීය නිලධාරීන්ටත්, නන් ලෙසින් සහය වූ සැමටත් කෘතඥතාව පළ කර සිටිමු.