දිස්ත්‍රික් ලේකම්තුමාගේ ක්ෂේත්‍ර චාරිකාව
------------••••••••-------------
දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු,
කෘෂිකාර්මික ක්ෂත්‍රයේ මෙන්ම කාර්මික ක්ෂේත්‍රය තුළද විවිධාංගීකරණ වූ නිෂ්පාදනයන් හරහා ලොව ජයගත් ව්‍යවසායකයින් බිහිකළ අහිමානවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.
එවන් වූ ජාතික මට්ටමෙන් ඔබ්බට ගොස් ජාත්යන්තර මට්ටමේ ප්‍රමිතීන්ට අනුකූලව, නිෂ්පාදනයන්ට අගය එකතු කරමින්, සිය ආර්ථික තත්ත්වය සේම රටෙහි සමස්ත සංවර්ධනය වෙනුවෙන් කැපවෙන දිරිය ව්‍යවසායකයින් සොයා කෑගලු දිසාවේ මහ දිසාපතිතුමන් / දිස්ත්‍රික් ලේකම්තුමන් පසුගියදා එනම් 2023 ඔක්තෝබර් මස 10 වන දින මෙම කොට්ඨාසයේ ක්ෂේත්‍ර චාරිකාව නිරත විය.
එහිදී ඌඩාපොල, දැරණියගල දකුණ, දැරණියගල උතුර සහ අංහෙට්ටිගම යන ග්‍රාම නිලධාරී වසම් වල ව්‍යවසායකයින් සමඟ සුහද කතාබහක නිරත වූ දිස්ත්‍රික් ලේකම්තුමන් ඔවුන්ගේ ගැටලු පිලිබඳව ද සාකච්ඡා කරන ලදී.
එමෙන්ම ගෙවතු වගාවන් නිරීක්ෂණය කිරීමද මෙහිදී සිදු කෙරුණි.
ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු කාර්යාලයීය නිලධාරීන් මෙන්ම ක්ෂේත්‍ර නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගි වූ අතර, ඒ වෙනුවෙන් සහය දැක්වූ සැමට හදපිරිතුති පිරිනමමු.



0 Comments