---------------
පුරා වසර හතක කාලයක් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව කළමනාකරණ සේවා නිලධාරිණියක වශයෙන් සේවය කොට අවිස්සාවේල්ල කම්කරු කාර්යාලය වෙත ස්ථාන මාරු ලබා යන කේ. සුමිත්‍රා මාලනී මහත්මියගේ සමුගැනීම වෙනුවෙන් සුහද හමුවක් 2023.10.03 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
සිය රාජකාරිය නිසි ලෙස ඉටු කරමින් සහ ඉන් පරිබාහිරව ද නිලධාරීන් සමග සුහදව කටයුතු කළ එතුමියට ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු නිලධාරී මණ්ඩලයේ සුභාශිංසන පිරිනමන අතර, ඇයගේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායිද පතමු.