ආහාර සුරක්ෂිතතා හා ගෙවතු වගා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
===============••••••••••===============
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් දැරණියගල කොට්ඨාසයේ සිදුකරනු ලබන ආහාර සුරක්ෂිතතා හා ගෙවතු වගා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් 2023.10.03 දින වත්තේගෙදර වසමේ සේවා පියෙසයේදී පවත්වන ලදී.
මෙහි දී ගෙවතු වගාව පිළිබදව දැනුවත් කිරීම කෘෂිකර්ම උපදේශක රසික මහතා විසින්ද, කෘෂිකර්ම උපදේශිකා මහත්මිය විසින් බතල මුරැක්කු සහ බූන්දි සැකසීම ප්‍රායෝගිකව සිදු කළ ලදී.
මෙම වැඩසටහනේ සම්බන්ධිකරණය ප්‍රාදේශීය ලේකම් කාරයාලයේ කෘෂිකර්ම නිලධාරීන් තිදෙනා සහ වසම්භාර ආර්ථික සංවර්ධන නිලධාරී විසින් සිදු කල අතර සහයෝගය දැක්වූ ග්‍රාමනිලධාරි තුමා ඇතුලු අනෙකුත් නිලධාරීන් හට ස්තුතියි.