වතු ආශ්‍රිත ප්‍රජා දැනුවත් කිරීම වැඩසටහන
--------------••••••---------------
නූරිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති හා බස්නාගල ග්‍රාම නිලධාරී වසමේ වසම්භාර නිලධාරීන් විසින් සංවිධානය කරන ලද බස්නාගල වසමේ වතු ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන 2023 සැප්තැම්බර් මස 26 වන දින නූරිය දෙමළ විදුහලේ දී පැවැත්විණි.
මෙහිදී ළමා හිමිකම් ප්‍රවර්ධනය කිරීම, ළමා අපයෝජන වළක්වා ගැනීම, විදේශ ගත ශ්‍රමිකයන්ගේ දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වලක්වා ගැනීම හා දරුවන්ගේ සංවර්ධනය සදහා දෙමව්පියන්ගේ වගකීම ආදී කරුණු සම්බන්ධව දීර්ඝ වශයෙන් දෙමව්පියන් දැනුවත් කරන ලදී.
එමෙන්ම පාසැල් නොකඩවා යෑම, මත්ද්‍රව්‍ය වලින් දුරස් වීම, ළමා අපයෝජන සම්බන්ධව කියාකළයුතු ආකාරය, බාහිර ක්‍රියාකාරකම් වල නිරතවීම ආදී කරුණු සම්බන්ධව ක්‍රියාකාරකම් සහිතව දරුවන් දැනුවන් කරන ලද අතර දෙමාපියන් හා දරුවන් කණ්ඩායම් කර දැනුවත් කිරීම් කරන ලදී.
මෙම වැඩසටහනට දැරණියගල සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, සංවර්ධන නිලධාරී (විදේශ රැකියා), සංවර්ධන නිලධාරී (සමථ) සහ නූරිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා, සිවිල් ආරක්ෂක කමිටුව සහ බස්නාගල වසමේ සියලුම නිලධාරීන් සහභාගීවූ අතර, මෙම වැඩසටහන ඉතා සාර්ථකව පැවැත්වීම සඳහා කටයුතු ඉටුකර දුන් නූරි දෙමළ විදුහලේ විදුහල්පතිතුමා ඇතුලු සමස්ථ කාර්ය මණ්ඩලයට හා සහයෝගය ලබා දුන් සියලු සංවිධාන හා කණ්ඩායම් වලට අපගේ විශේෂ ස්තූතිය පුද කරමු.