ගී රස වින්දන වැඩසටහන
------••••••----------
කාර්යාලයීය නිලධාරීන්ගේ කලා කුසලතා නඟා සිටුවීමේ අරමුණින්, ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟපෙන්වීමෙන් ආරම්භ කෙරුණු කාර්යාලයීය සාහිත්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද "ගී රස වින්දන" දෙවන වැඩසටහන පසුගිය දා කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
බොහෝ කලා හැකියාවන්ගෙන් පරිපූර්ණ වූ කාර්යාලයීය නිලධාරීන් රැසක් මෙහිදී ගීත ගායනා කරමින් සහ ගීත සඳහා අරුත් සපයමින් විචාරයන්ද සිදු කරන ලදී.
සිය කාර්යාලයීය කටයුතු සමඟ කාර්යබහුල දිවියක් ගත කරන නිලධාරීන්ගේ ආතතිය දුරුකරමින් මානසික ඒකාග්‍රතාවය සහ මානසික සුවය උදෙසා මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම වෙනුවෙන් කාර්යාලයීය සාහිත්‍ය සංගමයේ සහෘද කැළට හදපිරි තුති පිරිනමමු.