වැඩිහිටි හිමිකම් ප්රවර්ධන වැඩසටහන
--------•••••••••••••----------
ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ ප්රතිපාදන මත, දැරණියගල ප්රාදේශීය ලේකම්තුමියගේතුමියගේ මගපෙන්වීමෙන් පවත්වාගෙන යනු ලබන දැරණියගල ප්රාදේශීය වැඩිහිටි බල මණ්ඩලයට අයත්, වැඩිහිටි ග්රාමීය කමිටු සදහා උපකරණ ලබාදීමේ වැඩසටහනක්, පසුගියදා ගරු තාක්ෂණ රාජ්ය අමාත්ය කනක හේරත් මැතිතුමාගේ හා හිටපු පළාත්සභා මන්ත්රී අජිත් ශ්යාමින්ද මැතිතුමාගේ ප්රධානත්වයෙන්, ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේදී පැවැත්විණි. මෙහිදී තෝරා ගත් වැඩිහිටි සමිති සඳහා රුපියල් ලක්ෂයක වටිනාකමක් සහිත උපකරණ බෙදාදීම සිදු කෙරිණි.
ලස්සේගම වැඩිහිටි සමිතිය, පොල්ගස්වත්ත වැඩිහිටි සමිතිය හා මියනවිට වැඩිහිටි සමිතිය නියෝජනය කල එම සමිති වල නිලධාරීන් හට එම උපකරණ ප්රදානය කරන ලදී. මේ සදහා සහයෝගය ලබා දුන් සැමට අපගේ ප්රණාමය පළ කරමු.



0 Comments