ආයුර්වේද වෛද්‍ය සායන වැඩසටහන
========•••••==========
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟපෙන්වීමෙන්, දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සිදු කරනු ලබන ආයුර්වේද වෛද්‍ය සායන මාලාවේ එක් වැඩසටහනක් 2023.09.26 වන දින ඉලුක්තැන්න පහළ කොටස කෝවිල අසලදී පැවැත්විණි.
සබරගමු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සම්පත් දායකත්වයෙන්, දේශීය වෛද්‍ය සංවර්ධන නිලධාරී මංජුලා මහත්මියගේ සම්බන්ධීකරණයෙන් සහ වතු යටිතල පහසුකම් නිලධාරී රාධිකා මහත්මියගේ සංවිධානයෙන් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා සහය දැක්වූ සියලු දෙනාටම හදපිරි තුති පිරිනමමු.