කාර්යාලයේ අංශ අතර සුහද බැඩ්මින්ටන් තරගාවලිය
-----------------••••••------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන් හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ මෙහෙයවීමෙන් කාර්යාලයීය නිලධාරීන් සහ අංශ අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කෙරුණු බැඩ්මින්ටන් තරගාවලියේ අවසන් තරග පසුගිය 22 වන සිකුරාදා දින කාර්යාලීය පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම තරගාවලියේදී,
පිරිමි(ඒකල) තරගයේ ශූරතාවය සමාජ සේවා අංශය නියෝජනය කළ ලක්ෂිත රාජපක්ෂ මහතා විසින් හිමිකරගත් අතර, අනුශූරතාවය ග්‍රාම නිලධාරීන් නියෝජනය කළ අසේල මධුෂාන් මහතා විසින් හිමි කර ගන්නා ලදී.
කාන්තා (යුගල) තරගයේ ශූරතාවය ආයතන අංශය නියෝජනය කළ සුමුදු සේනාධීර මහත්මිය හා රුවනි නිසංසලා මහත්මිය විසින් හිමිකරගත් අතර, අනුශූරතාවය බහුකාර්ය අංශය නියෝජනය කළ ජයනි සංකල්පනා මෙනවිය හා ඥානලතා මහත්මිය විසින් හිමි කර ගන්නා ලදී.
පිරිමි (යුගල) තරගයේ ශූරතාවය සමාජ සේවා අංශය නියෝජනය කළ ලක්ෂිත රාජපක්ෂ මහතා හා උපුල් මහතා විසින් හිමිකරගත් අතර, අනුශූරතාවය ආර්ථික සංවර්ධන නිලධාරීන් නියෝජනය කළ චින්තක ප්‍රියදර්ශන මහතා හා නුවන් චාමර මහතා විසින් හිමි කර ගන්නා ලදී.
කාන්තා-පිරිමි (මිශ්‍ර) තරගයේ ශූරතාවය සැලසුම් අංශය නියෝජනය කළ ප්‍රියංකා ජයවික්‍රම මහත්මිය හා දුමින්ද උදාර මහතා විසින් හිමිකරගත් අතර, අනුශූරතාවය සමාජ සේවා අංශය නියෝජනය කළ බුද්ධික ජයම්පති මහතා හා වාසනා කල්පනී මහත්මිය විසින් හිමි කර ගන්නා ලදී.
එමෙන්ම මෙහිදී ශූරතාවය සහ අනුශූරතාවය වෙනුවෙන් කුසලාන පිරිනැමුණු අතර, ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම්, ගණකාධිකාරි, පරිපාලන නිලධාරී, පරිපාලන ග්‍රාම නිලධාරී ඇතුලු කාර්යාලයීය නිලධාරීන් රැසක් එම අවස්ථාවට සහභාගි වූහ.
තරග ජයග්‍රහණය කළ සියලුම ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු සමස්ත කාර්යය මණ්ඩලයේ සුභාශිංසන පිරිනමන අතර, මෙම කර්තව්‍යය සාර්ථක කරගැනීම වෙනුවෙන් නන් අයුරින් සහය දුන් සැමට හදපිරි තුති පිරිනමමු.





0 Comments