වැඩිහිටි දින සැමරුම සර්ව රාත්‍රික පිරිත් දේශනාව
--------------•••••••••-----------------
සුවපත් වැඩිහිටි වියක් උදෙසා - විශ්වීය වැඩිහිටි හිමිකම් පරපුරෙන් පරපුරට" තේමාව කරගත් 2023 ජාත්යන්තර වැඩිහිටි දිනය පසුගිය ඔක්තෝම්බර් පළමුවැනිදාට යෙදී තිබුණි.
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීම පරිදි දැරණියගල සිරිසුමන වැඩිහිටි නිවාසයේ පාලක මණ්ඩලය සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන ලද වැඩිහිටි දින සැමරුම් සර්ව රාත්‍රික පිරිත් දේශනාව සැප්තැම්බර් 30 වැනිදා සිට පසුදා පහන් වන තුරු දැරණියගල සිරිසුමන වැඩිහිටි නිවාසයේදී පවත්වන්නට යෙදුණි.
මෙහිදී සිරිසුමන වැඩිහිටි නිවාසයේ සිට මියගිය සියලූම නේවාසිකයන්ට පුණ්යානුමෝදනා කිරීමත් සුජීවත්ව සිටින වැඩිහිටි නේවාසිකයන්ට නිරෝගී සුවය සහ චිර ජීවනයත් , සෙත් ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරන ලදී.
මෙම පරිත්‍රාණ දේශනය සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදුන් සහ ඊට දායකත්වය සැපයූ සියලුම දෙනාට අපගේ කෘතඥතාවය පළ කරමු.