බතික් පුහුණු වැඩසටහනක්
———••••••————
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් හා උපදේශකත්වයෙන් මාළිබොඩ කලාපයට අයත් නක්කාවිට ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධිලාභී හා අඩු ආදායම්ලාභී පවුල් ඒකක ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් 2023.07.21 වන දින බතික් පුහුණු වැඩසටහනක් ආරම්භ කරන ලදී.
දින 10 ක පුහුණු කාලයක් තුළ ක්‍රියාත්මක කෙරෙන මෙම පුහුණු වැඩසටහනේ සෘජු අධීක්ෂණ කටයුතු වසම භාර සමෘද්ධි සංවර්ධන නිලධාරිතුමිය විසින් සිදු කරනු ලබයි.
එමෙන්ම මෙම පුහුණු වැඩසටහන මේ වන විට අවසන් අදියරේ ක්‍රියාත්මක කෙරෙන අතර, එය ඉතා සාර්ථක ලෙස නිමා කිරීමට නියමිතව ඇත.
ඒ වෙනුවෙන් සහය දක්වන සියලු දෙනාටම හද පිරි ස්තුතිය පුද කර සිටිමු.