කාබනික පොහොර නිෂ්පාදන පුහුණු වැඩසටහන
-----------------•••••----------------
කාබනික පොහොර නිෂ්පාදනය සඳහා කාන්තාවන් දිරි ගැන්වීමේ අරමුණින් කාන්තා සමිති සාමාජිකාවන් උදෙසා කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් දැනුවත් කීරීමක් හා පුහුණු වැඩසටහනක් 2023.09.22 වන දින අංහෙට්ටිගම ආර්ථික සංවර්ධන නිලධාරීතුමියගේ සංවිධානයෙන් හා මූලිකත්වයෙන් අංහෙට්ටිගම ග්‍රාම නිලධාරී වසමේදී පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා දැරණියගල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර ඩිප්ලෝමාධාරිණී රේණුකා මහත්මිය සම්පත්දායකත්වය ලබාදුන් අතර, ඒ වෙනුවෙන් විශේෂ ස්තුතිය පිරිනමන අතර, අංහෙට්ටිගම වසමේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීතුමාටත්, සහය දැක්වූ සියලුම දෙනාටත් හදපිරි තුති පිරිනමමු.