දරුවන් පාසල් නොයෑම හේතුකොටගෙන අනාගතයේදී ඇතිවිය හැකි සමාජ ප්‍රශ්න අවම කිරීමේ ඇති අවශ්‍යතාවය මත ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීම මත පොත්දෙනිකන්ද ග්‍රාම නිලධාරි වසමේ පාසල් නොයන දරුවන් හදුනාගැනීමේ වැඩසටහනක් 2023-09-20 දින පැවැත්වුනි.
ආර්ථික සංවර්ධන නිලධාරිනියගේ සම්බන්ධීකරණයෙන් හා ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී සහ සමාජ සේවා නිලධාරිගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන සිදුකරන ලදී.
මෙම දරුවන් පාසල් ගත වීමෙන් පසු තත්ත්වයන් පිළිබද පසු විපරම් කටයුතු සිදුකරන අතර මෙම දරුවන් සදහා සාක්ෂරතා පංතියක් ආරම්භ කිරීම සදහා වූ කටයුතු ආරම්භ කර ඇත.