ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීම යටතේ දැරණියගල ආබාධ සහිත වූවන්ගේ මාසික හමුව කාර්යාලීය සමාජ සේවා අංශයේ සම්බන්ධීකරණයෙන් පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුනි.
සාමාජිකයින්ගේ නිෂ්පාදන අලෙවි කිරීමේ පොළද එයට සමගාමීව පැවති අතර අන්තර් ජාතික දුනු විදීමේ තරග වාර්තාවක් පිහිටුවීමට දායක වූ ආබාධ සහිත වූවන්ගේ සංගමයේ සාමාජික සදරුවන් ප්‍රියවංශ මහතාව ඇගයීමේ අවස්ථාව ද සිදුකරන ලදී.