මානව සම්පත් සංවර්ධන වැඩසටහන
-----------•••••••------------
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සදහා තරුණ තරුණියන් බදවා ගැනීමේ අයදුම්පත් භාරගැනීම හා ඔවුන් දැනුවත් කීරීමේ වැඩසටහනක් 2023.09.26 දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේදී පැවති අතර ඒ සදහා සම්පත් දායකත්වය ගුවන් හමුදා මූලස්ථානයේ බඳවාගැනීම් අංශය නියෝජනය කරමින් වොරන්ට් ඔපිසර් ඉෂාට් මහතා ප්‍රමුඛ නිලධාරීන් විසින් ලබාදෙන ලදී.
මෙම වැඩසටහන සදහා සහයෝගය ලබාදුන් වෘත්තීය පුහුණු අධිකාරියේ දැරණියගල මධ්‍යස්ථානයේ නිලධාරීන් හා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරියේ නිලධාරීන් ඇතුළු රැකියා අපේක්ෂිත දරුවන් යොමුකල සියළුම නිලධාරීන්ට අපගේ කෘත්වේදිත්වය පල කරමු.



0 Comments