ළමා කඳවුර - බල්ලැහැල වසම
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් බල්ලැහැල ග්‍රාම නිලධාරී වසමේ සියලු රාජ්‍ය නිලධාරීන්ගේ සංවිධාන ශක්තියෙන් දරුවන්ගේ නායකත්ව කුසලතා හා ආකල්ප සංවර්ධන කිරීමේ අරමුණින් ළමා කඳවුරක් පසුගියදා පුරා නාවෙල විදුහල් පරිශ්‍රයේදී පැවැත්විණි.
වයස අවුරුදු 7-19 ත් අතර දරුවන් 38 දෙනෙකු මේ සඳහා සහභාගි වූහ. මෙහිදී දරුවන්ගේ නායකත්ව හා පෞරුෂ වර්ධනය උදෙසා විවිධ ක්‍රියාකාරකම්, දේශන හා විනෝදාත්මක අංග රැසක් ද පැවැත්විණි.
මෙම වැඩසටහන වෙනුවෙන් හිටපු සමාජ සේවා නිළධාරි, ළමා පෞරුෂ වර්ධන උපදේශක මහින්ද මහතා, කිතුල්ගල පොලිසියේ ළමා හා කාන්තා අංශයේ ස්ථානධිපති තුමිය, නායකත්ව පුහුණු උපදේශක තරංග බණ්ඩාර මහතා, තරුණ සේවා සභාවේ උපදේශක රෝහණ මහතා යන අය සම්පත්දායකත්වය ලබා දෙන්ස් ලදී.
එමෙන්ම මෙම වැඩසටහන සාර්ථක කරගනු වස් බල්ලැහැල වසමේ දානපති ප්‍රජාව ලබාදුන් අනුග්‍රහකත්වය කෘතවේදීව සිහිපත් කරන අතර, නන් අයුරින් සහය දැක්වූ සැමටත් හදපිරි ප්‍රණාමය පුද කරමු..