වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන වැඩසටහන
-------------------------------
දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් වැඩිහිටියන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් අතර දැරණියගල ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩල රැස්වීම සුවිශේෂී ස්ථානයක් ගනී.
මෙහිදී සමාජ සේවා කටයුතු සිදු කරනු ලැබූ සහ දැනටත් සිදු කරගෙන යන හොදම ජ්‍යෂ්ඨ පුරවැසියා තේරීමේ තරගය, වැඩිහිටි ගී තරුව තේරීමේ තරගය, හොදම වැඩිහිටි නර්තන කණ්ඩායම තේරීමේ තරගය, හොදම වැඩිහිටි චිත්‍ර නිර්මාණය තේරීමේ තරගය හා හොදම ගෙවතු වගාව පවත්වාගෙන යන වැඩිහිටියා තේරීම ඇතුළු වැඩිහිටියන් වෙනුවෙන් පවත්වනු ලබන තරග පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීම සිදු කරන ලදී.
ඊට අමතරව වැඩිහිටි ග්‍රාමීය කමිටු වලට සලසනු ලබන සේවාවන් හා වැඩිහිටි ග්‍රාමීය කමිටුවල ගැටළු හා ඒ පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදී. සමාජ සේවා අංශයේ නිලධාරින් මේ වැඩසටහන සදහා සම්බන්ධවිය.


0 Comments