දැරණියගලට තවත් විශිෂ්ඨ ජයග්‍රහණයක්
========================
දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නක්කාවිට වසමේ කන්දඋඩ බෝමළුව ප්‍රදේශයේ වාසය කරන සදරුවන් ප්‍රියවංශ මහතා අප සැමට මහගු ආදර්ශයක් ගෙන දෙමින් දුනු විදීමේ අංශයෙන් ලෝක වාර්තාවක් පිහුටුවීම සදහා දායකත්වය දක්වා ඇත.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව ආශ්‍රිත රටවල් කිහිපයක තරග කරුවන් 128 දෙනෙකු අතර පැය 2-3 අතර කාලයේදී ඊතල 30,000 ක් විද අවසන් කිරීමේ ලෝක වාර්තාව තැබූ කංඩායමේ එකම විශේෂ අවශ්‍යතා සහිත සාමාජිකයා ඔහුය.
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීම යටතේ සහ සමාජ සේවා අංශයේ සම්බන්ධීකරණයෙන් මේ වනවිට පුනරුත්ථාපන කටයුතු යටතේ සදරුවන් ප්‍රියවංශ මහතාට රජයෙන් හිමිවන ජීවනාධාර දීමනාව සහ නිවස සාදා ගැනීමට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබා දී ඇත. මෙම සුවිශේෂි ජයග්‍රහණය සමරමින් සැප්තැම්බර් මස පළමු බදාදා දින සවශක්ති සංගමයේ සංවිධානයෙන් ඇගයීමේ උත්සවයක්ද සවිධානය කර ඇත.


0 Comments