මානව සම්පත් සංවර්ධන වැඩසටහන - ප්‍රාදේශීය රැකියා පොල හා වෘත්තීය පුහුණු සංවර්ධන අත්වැල
===================================
දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන ඒකකයේ සංවිධානයෙන්, මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සහ නිපුණතා ඝංවර්ධන අමාත්‍යාංශය එක්ව පවත්වනු ලැබූ රැකියා පොළ 2023.08.25 දින ඉතාමත් සාර්ථකව පැවැත්විණි.
රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් 259 ක සහභාගිත්වයෙන් සහ ඔවුන්ට සේවා සැපයීම සදහා රැකියා ආයතන නියෝජනය කරමින් ජේ. ජේ මිල්ස් ඇගලුම් ආයතනය, මැලිබන් ගාමන්ට් දැරණියගල, ඇග්‍රාරොවෙන්චර් සමාගම, ඒ.අයි.ඒ රක්ෂණ සමාගම, සර්ටීස් ලංකා සමාගම සහ විදේශ රැකියා අපේක්ෂිතයන් වෙනුවෙන් විදේශ රැකියා ආයතන 2ක්ද, විවෘත විශ්ව විද්‍යාලය, ජාතික ආධුනිකත්ව හාකාර්මික පුහුණු අධිකාරිය, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ඇතුළු පුහුණු ආයතන මෙන්ම ස්වයං රැකියා අපේක්ෂිත අය වෙනුවෙන් ව්‍යවසාය සංවර්ධන , කුඩා ව්‍යාපාර සංවර්ධන , අපනයන සංවර්ධන යන නිලධාරින්ගේ සහභාගිත්වයෙන් රැකියා පොළ සාර්ථකව සිදුකිරීමට හැකියාව ලැබුණි.
ඊට අමතරව නොපැමිණී එහෙත් පුරප්පාඩු කලින් හදුනාගත් ආයතන කරා රැකියා අපේක්ෂිත දරුවන් යොමුකිරීම සදහා දැනුවත් කිරීම ද සිදුකරන ලදී. මේ සදහා ප්‍රාදේශීය ලේකම්තුමිය
ඇතුළු මාණ්ඩලික නිලධාරින් හා කාර්යාලයේ සහ කේෂ්ත්‍ර රගතව කටයුතු කරන සියලු නිලධාරින්ගෙන් ලැබුණු දායකත්වය සහ රැකියා ආයතන නියෝජනය කරමින් අප හා එක්වූ සියලුදෙනාට සහ පැමිණි තරුණ තරුණියන්ට අපගේ විශේෂ ස්තූතිය.




0 Comments