ළමා කදවුර-රස්නක්කන්ද වසම
========••••=========
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් රස්නක්කන්ද ග්‍රාම නිලධාරී වසමේ කැකුළු සමෘද්ධි ළමා සමාජයේ දූ දරුවන්ගේ ආකල්ප සංවර්ධන කිරීම අරමුණු කර ගනිමින් වසමේ සියලු රාජ්‍ය නිලධාරීන්ගේ සංවිධානයෙන් තෙදින ළමා කඳවුරක් 2023 අගෝස්තු මස 18, 19 සහ 20 යන දිනයන්හිදී රස්නක්කන්ද ග්‍රාම නිලධාරී කාර්යාලයේදී දරුවන් 59 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරුණි.
රස්නක්කන්ද ශ්‍රී විජේවර්ධනාරාමාධිපති හිමිපාණන් වහන්සේගේ ආගමික වතාවත් හා ආශිර්වාදය මත ආරම්භ කළ මෙම වැඩසටහනේදී දරුවන්ගේ නායකත්ව කුසලතා ඔප් නැංවීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරුණු අතර, ඒ වෙනුවෙන් සම්පත්දායකත්වය ලබා දෙන ලද්දේ, සමෘද්ධි සමාජ සංවර්ධන නිලධාරි මහින්ද මහතා හා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තරුණ සේවා නිලධාරී චම්පික මහතා විසිනි. එමෙන්ම මෙම තෙදින ළමා කඳවුරු වැඩසටහනට දැරණියගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාගේ නව යොවුන් විය සම්බන්ධ දැනුවත් කිරීමක්ද, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට අනුයුක්තව සේවය කරන උපදේශන නිලධාරී චාමන් චම්පික ගුණතිලක මහතාගේ මත්ද්‍රව්‍ය නිවාරණ පිළිබඳ දේශනයක්ද, ළමා මනෝ උපදේශක සචින්ත බණ්ඩාර මහතාගේ ළමුන්ගේ ආකල්ප සංවර්ධනය පිලිබඳව දේශනයක්ද, දැරණියගල පොලිස් ස්ථානාධිපතිතුමාගේ ළමා අපයෝජනය හා මත්ද්‍රව්‍ය නිවාරණ පිළිබඳ දේශනයක්ද ඇතුළත් විය.
ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ(සැලසුම්) ඇතුලු කාර්යාලයේ නිලධාරීන් රැසක් ද මේ සඳහා සහභාගි වූ අතර, සහභාගි වූ සෑම දරුවෙකු උදෙසාම වටිනා සහතික පත්‍රයක්ද පිරිනැමිණි.
මෙම වැඩසටහන සාර්ථක කරගනු වස් නන් අයුරින් සහය දැක්වූ සියලුම දෙනාට හදපිරි තුති පුදකරමි.




0 Comments